Font size:
සඳ රේඛාවෙන් බසින ලියේ නූපුර නොසලා වඩින ලියේ තරු ඕවිල්ලේ පුතු නිදිගන්වා විජයිඳු පහයට වඩින ලියේ සඳ රේඛාවෙන් බසින ලියේ බුදුගුණ ලකරින් මංගල සුතුරින් පිරුවානා කවි සිලෝ කියා ආශිර්වාදය කළ මැන පුතු හට සරසවි දැහැනෙන් තිලක තියා සුදම් සභාවේ මුල් පෙළ හිඳිනා හෙල විරුවන්ගේ කතා කියා දෑ අභිමානය දෙනු මැන පුතු හට සඳකඩ පහනේ සිරස තියා
Singers
Data
Last updated May 2026