Home/Songs/මලෙන් උපන් සමනලී

මලෙන් උපන් සමනලී

Malen Upan Samanali

Music: නිමේෂ් කුලසිංහ Lyrics: ගිහාන් චාමික
Font size:
මලෙන් උපන් සමනලී
රෝස කැලෙන් හමු වුණි
හිතේ රිදුන තැන් බලා
හිමින් ඉඹින්නම්

හිනාවෙන්න ළඟින් ඉන්න
මා ගාවම  තටු සලන්න
හිත හදන්න ළඟට එන්න
මලෙන් උපන් සමනලී

මුළාවෙන්න එපා ඔන්න
මේ පාරේ පියඹන්න
පෙම් කරන්න උගන්නන්න
මලෙන් උපන් සමනලී

මහ නපුරන් එකතු වෙලා
නපුරුකමක් කලාදෝ
මගේ මැණිකට හිත රිදිලා
ලොවම එපා වෙලාදෝ

හීන දකින වෙලාවේ
චුට්ටක් බය උනානේ
ලොවම නපුරු වුණාවේ
ළඟම සොඳුරු ඔයා නේ

මලෙන් උපන් සමනලී
රෝස කැලෙන් හමු වුණි
හිතේ රිදුන තැන් බලා
හිමින් ඉඹින්නම්

මමයි රෝස සමනලී
රෝස කැලේ ඉපදුණි
හිතේ තැනක් රිදුනොතින්
තුරුළට එන්නම්

හිනාවෙන්න ළඟින් ඉන්න
මා ගාවම  තටු සලන්න
හිත හදන්න ළඟට එන්න
මලෙන් උපන් සමනලී

පියාඹන්න කියාදෙන්න
හිත අස්සට වෙලා ඉන්න
අල්ලගන්න ළඟින් එන්න
බයයි රෝස සමනලී

සංසාරේම මේ මාගේ
දෑස්  ළඟම ඉන්නකෝ
රිදෙන තැනදී ඔය වාගේ
ආදරේම වෙන්නකෝ

ලොවම එරෙහි වුණාවේ
කාලය නැවතුනාවේ
මගේ දෙතොල් ඔයාගේ
කම්මුල් මල් තලාවේ

මලෙන් උපන් සමනලී
රෝස කැලෙන් හමු වුණි
හිතේ රිදුන තැන් බලා
හිමින් ඉඹින්නම්

මමයි රෝස සමනලී
රෝස කැලේ ඉපදුණි
හිතේ තැනක් රිදුනොතින්
තුරුළට එන්නම්

හිනාවෙන්න ළඟින් ඉන්න
මා ගාවම  තටු සලන්න
හිත හදන්න ළඟට එන්න
මලෙන් උපන් සමනලී

පියාඹන්න කියාදෙන්න
හිත අස්සට වෙලා ඉන්න
අල්ලගන්න ළඟින් එන්න
බයයි රෝස සමනලී

මලෙන් උපන් සමනලී
රෝස කැලෙන් හමු වුණි
හිතේ රිදුන තැන් බලා
හිමින් ඉඹින්නම්

මමයි රෝස සමනලී
රෝස කැලේ ඉපදුණි
හිතේ තැනක් රිදුනොතින්
තුරුළට එන්නම්
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.