Font size:
ජය ටැඹ කරා අභිමන් හොවා විරුවන් ලෙසින් ඇදෙනා රුප තෙද විදා සුරැකුම් දරා සිංහයන් නමින් දිව්රා රන් රුවන් බැදි අසිපතක් ගෙන මුලු ලෝකයක් පරදා සියවරක් නොව දසවරක් තව මේ දේශයම දිනවා සිංහයෝ සිංහයෝ නිළඹර පුරා ඇදි රූ රටා මැව් ජය ගී අඩ නුඹේ වංකගිරියෙන් හමන සුළගේ රැදුන ගී අද නුඹේ අසගී වැසි හඩගා හඩද්දි පෑයූ රන් හිරු සේ නුඹේ නමින් මේ යදින්නේ ජය පතා දේශයේ දේශයේ ජය කොඩි දරා මේ සක් සියක් දෙනා ඔද වැඩුවද සන්තොසින් සෙනෙවියන් නුඹ රකින සිංහයන් නම් පෙළහරින් නෙක හරඹයන් මවලා සකි සදේ පවසම් මෙසේ දිනවම් අපේ ලංකා
Singers
Data
Last updated May 2026