Home/Songs/තරහා වෙලා

තරහා වෙලා

Tharaha Wela

Music: දිමුතු නුවන් Lyrics: කොලින් හර්ෂ
Font size:
තරහා වෙලා හිත හඬවාලා ඔයා
ඇයිදෝ යන්නේ රිදවලා
ළඟ නැති හැම මොහොතක් තුරුලේ රැඳිලා
වින්දේ ආත්මයෙන් මැරිලා
මගේ පණටත් වඩා ආදරෙයි ප්‍රියේ
හෙලන සුසුමන් පුරා ඔයාවමයි පැතුවේ

හිස්වුණු සිතුවිලි කලතවයි සිත මගේ දුක් වෙවී
දෙනෙතේ අගින් රූරලා ඔබ නොවෙයි මගෙ වුණේ
සිහිනයකි මා ළඟින් තනි වුණේ අද නෑ මගේ ළඟ ඔයා
මගේ පණටත් වඩා ආදරෙයි ප්‍රියේ
හෙලන සුසුමන් පුරා ඔයාවමයි පැතුවේ

තරහා වෙලා හිත හඬවාලා ඔයා
ඇයිදෝ යන්නේ රිදවලා
ළඟ නැති හැම මොහොතක් තුරුලේ රැඳිලා
වින්දේ ආත්මයෙන් මැරිලා
කොහොමදෝ කවදදෝ ආදරේ මදි වුණේ මේ හිතින් 
වෙන් වී යන්නට තරම්
රතු වුණු ඇස් මගේ දැක දැකත් වේදනා තව දිදී
ඇයි හිනැහුණේ ඒ තරම්
මගේ පණටත් වඩා ආදරෙයි ප්‍රියේ
හෙලන සුසුමන් පුරා ඔයාවමයි පැතුවේ

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.