කිරිල්ලියක් විය තටු
Kirilliyak Viya Thatu
Music: රෝහණ වීරසිංහ Lyrics: සුනිල් රත්නායක
Font size:
කිරිල්ලියක් විය තටු නැත ලැබිලා ඉඟිලී යන්නට අහස වටා ලොව හිනැහෙද්දී දෑස වසාගෙන දෙපයින් ඇය යයි දෙරණ පුරා..... බාලේ ගෙවුමුත් එකම කැදැල්ලක එකම ලෙයක එක කිරි කඳුළක දැවටී රිදී කාසි වල සුවඳින් මත්වී එක කුස ඔත් පින සුවඳ මැකී වියැකී.... කිරිල්ලියක් විය තටු... මිලාන වී ගිය ජීවය පිබිදී දෙතොල් අගට රන් සිනහා පිරි ඉතිරී දැවී ඉරිතැලුන හදවත මත්තට බලා හිඳී වැටෙනා තුරු පොද වැස්සක්.... පොද වැස්සක්.... පොද වැස්සක්....
Singers
Data
Last updated May 2026