Font size:
ඇසි පියවිල්ලක් ගානේ මැවුනා ඔය රෑපේ රිදෙනා හිත ආයේ පාරා ඔබ රැවටිල්ලක් දෛවෙ කියලා නෑ හිතුනේ මට නම් රත්තරනේ කිසිදා අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම ඇයි දුක නොහිතුනේ මා කෙරේ ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයෙ නාවත් තියේවි ප් රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගානක් ඉවසිල්ල නොතිබිච්ච ඔය ආදරේ මන් ගැනම වද වෙච්ච ඒ කාලයේ නොවෙනස්ව එකසේම ලග උන් මගේ අඩු වූයේ ඇයි ඔබට තිබු ඒ අගේ අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම ඇයි දුක නොහිතුනේ මා කෙරේ ලබන්නට වාසනාවක් ...........................// නැතුවාට දැකගන්න ඉස්සර වගේ මග බලනවා තාම හුරුවට හිතේ සිහිවෙද්දි හැමදාම මතකේ අපේ එලිවෙන්නෙ රෑ වෙන්නෙ හිත ගින්දරේ අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම ඇයි දුක නොහිතුනේ මා කෙරේ ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයෙ නාවත් තියේවි ප් රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගානක්
Singers
Data
Last updated May 2026