Home/Songs/තාර පාර දිග පාට

තාර පාර දිග පාට

Thara Para Diga Pata

Font size:
තාර පාර දිග පාට පාට කඩ
සල් පිල් හෙවනැල්ලේ
ගිනි සුළඟින් දූවිලි අවිලෙනවා
ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ

රූප පෙට්ටි කෙළි සෙල්ලම් නගරය
කාසි තරඟයට සූදු කෙළිනවා
ජීවිතයේ රණ බිමට වඩින්නට
මලේ නුඹට කල දවසක් එනවා

බෝල ලොසින්ජර දිව රස කෙරුවට
බඩගින්දර නැහැ නිවා දමන්නේ
කීරි ගැහෙන කල වාරු නැති දෙපා
කොහොමද නුඹ දිගු ගමන දුවන්නේ

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.