Font size:
ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා වාද නැතී බේද නැති ලස්සන ලොව හෙට අපට උදා වේවා මනුස්සකම් අහක දමා ජාතිවාදයෙන් උදම් අනා සතුරුකමින් පිල් බෙදිලා මිනිසා මුලා වෙලා මනු දැයේ මිනිසුනේ වාදවී ලා පල නැතේ එක රෑනේ එක්වූ දා ලොව ලස්සන වන්නේ ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා වාද නැති බේද නැති ලස්සන ලොව හෙට අපට උදා වේවා වැටුනු කෙනෙකු හට නැගී සිටින්න ට අත දෙන්නට පැකිලෙන්න එපා ඔහුගේ රට ජාතිය ආගම කුල ගොත ගැන සොයන් එපා සාමයේ ගීතිකා පතුරාලා මුළු ලෝ තලේ එක යායේ වාස වෙමු සැමදා එකට බැඳී ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා වාද නැති බේද නැති ලස්සන ලොව හෙට අපට උදා වේවා ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා වාද මිලේ භේද මිලේ අලහිය උලහම් නාලෙයි නල පිලවුම් ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා වාද නැති බේද නැති ලස්සන ලොව හෙට අපට උදා වේවා
Singers
Data
Last updated May 2026