Home/Songs/රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ

රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ

Ranin Maala Mage

Font size:
රනින් මල මගෙ ඇඹේනියගෙ ගෙලට නෑ
රහට හැදෙන රස මසව්ලු අගේ කුසට නෑ
කරදිය රැලි උඩින් දමන මග සලකුනු නැ 
අපට කරදිය රැලි උඩින් දමන මග සලකුනු නැ....

ඔරු කද ලතවෙනවා මාදැල හිනහෙනවා
අදුරේ පිටවෙනවා යලි උදයේ එනවා //
රළු කරදිය වැල් වෙලා එලවක සිහිනේ බලා
ගණ අදුරේ අප සැමදා වෙලීලා....

රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ...

නෙත නිදිවැරුම අපේ දහඩිය කදුලු අපේ
මසුරන් මසුන් අපේ තබ කසියට කැපේ // 
රලු කරදිය වැල් වෙලා එලවක සිහිනේ බලා
ගණ අදුරේ අප සැමදා වෙලීලා....

රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ...
රහට හැදෙන රස මසව්ලු අගේ කුසට නැ 
කරදිය රැලි උඩින් දමන මග සලකුනු නැ 
අපට කරදිය රැලි උඩින් දමන මග සලකුනු නැ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.