Home/Songs/ඔබ නෙත් කොණින් බැලුවා

ඔබ නෙත් කොණින් බැලුවා

Oba Neth Konin Baluwa

Music: ආර් එන් ජී රාජපක්ෂ Lyrics: ආර් එන් ජී රාජපක්ෂ
Font size:
ඔබ නෙත් කොණින් බැලුවා මුදු පෙම් සිනහා පෑවා
හුදකලාවෙන් වෙලුණු මගේ සිත ඔබට ළං වූවා
ඔබ ගැනම සිතුවා 
මම ආදරෙද ඇසුවා ඔබ ආදරෙයි කීවා 
බැඳුණු සෙනෙහස ඉරි තැලී අද 
දෙහද වෙන්වූවා සිත් තැවුල් පිරුණා.......

නැගෙන හිරු සඳු පුබුදුවා සිත් අපට සුභ පැතුවේ
හමන මද නල ඉරිසියාවෙන් අප ගැනයි සෙව්වේ
දෙහද දෙතැනක මන්ද විරසක දිවා රෑ තැවුණා
සෙනෙහේ තැන අනඟ කුමරුනි 
(වෛරයක් මැවුණා.......//)

ඔබ නෙත් කොණින්........
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.