Home/Songs/භවයෙන් භවේ පැතුමන් පුරා

භවයෙන් භවේ පැතුමන් පුරා

Bhawayen Bhawe Pathuman Pura

Music: ස්ටැන්ලි පීරිස් Lyrics: ධර්ම ශ්‍රී වික්‍රමසිංහ
Font size:
භවයෙන් භවේ පැතුමන් පුරා
ආවේ සොයා මා හද ආදරේ
නදීෂානී... නදීෂානී... 
නදීෂානී... නදීෂානී...

නෙතු කැන් සැලේ මා හද ගිම් නිවා
දෙසවන් පුරා ඒ හසරැල් සලා 
පිපි මල් සිනාවේ මධු රොන් සලා
ළතැවුල් නිවා ඈ මට ළං වෙලා 

භවයෙන් භවේ පැතුමන් පුරා...

නටඹුන් අතීතේ දෑතින් වසා
අද මෙන් සදා කල් සනසන්න මා 
දිවි මං තලාවේ සෙවණක් සොයා 
යුගයෙන් යුගේදී හමුවන්න මා

භවයෙන් භවේ පැතුමන් පුරා...
(නදීෂානී... නදීෂානී... 
නදීෂානී... නදීෂානී)...//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.