Font size:
පබළු නගේ නාමල් තිලකේ පුංචි ඔසරි මැණිකේ සුමනෝ නුඹ ඇයි නැත්තේ වැවේ දියේ ඇති නිකිණි නිමෙල්ලේ අඩ හඳ යායට කෙකටිය පිපිලා වැව් කන්දේ බෝ ගස් හෙවනේ මම අද තනියම ඔලිද ගණිනවා වෙනදා වාගෙම තල මල පිපිලා තිබුනට ඇල ලඟ වත්තේ සුමනෝ නුඹ ඇයි නැත්තේ මල හිරු එලියෙන් කොක්කු ගියාදෝ මිහින්තලා ගල පැත්තේ පිරුවට ඇඳ පෙට්ටියක තියාලා පාන් දෙපස එළි මැද්දේ මදටිය වැටෙද්දී හඳ කැලතෙන ඇල ඒ දණ්ඩේ ඉස්මත්තේ සුමනෝ නුඹ ඇයි නැත්තේ
Singers
Data
Last updated May 2026