Font size:
ආලෙන් වෙලී හිතේ තුරුළු වී සරා සද දිගේ සුසුම් සර වැදී නොයා හිතුමතේ බැඳි ආදරෙන් කියා ගන්න බෑ මගේ ආදරේ හීන අහුරු වල ගුලි වීලා සුපෙම් නුහුරු ගති නුඹ පානා ප් රේම අහුරු ලෙන්ගතු වීලා සුසුම් මිතුරු වී හිත පීරා පෙරුම් පුරා මට ළං වීලා හිතේ ඉන්න දගකම් පාලා දෙතොල් හාදු වැස්ස වහීවි අලුත් අහසෙ නුඹ පායාවී දෙනෙත් වලින් කතා කියාවී වදන් මියුරු කවි අමුනාවී ඔබයි සත්සරේ වීණාවී සෙනේ ඇහින් හිත පීණාවී
Singers
Data
Last updated May 2026