මං දහඩිය බිංදු හෙලන්නේ දරු පැටවුන් හින්දයි
Man Dahadiya Bindu
Font size:
මං දහඩිය බිංදු හෙලන්නේ දරු පැටවුන් හින්දයි රෑ නොනිදා මුර සේවයෙ ඉන්නේ පඩිපත අරගන්නයි මං නැති රෑ මගෙ පැල් කොටේට අනංගයා රින්ගයි හැම දෙයක්ම මා ඉවසා ඉන්නේ දරු පැටවුන් හින්දයි කහට උගුරකින් තොල කට තෙමාන දුක් වින්දයි ඒ ගැන දන්නේ මා හැර උඩ ඉන්නා දෙවියොයි පැල් කොටයේ සිදු වන දේ මගෙ හදවත පාරයි මොනව උනත් නුඹ තාමත් පැටවුන්ගේ අම්මයි උදෑසනින් මං ආවම පැටවුන් අත එල්ලෙයි උන් දැක්කම ආදරයෙන් පපුවම පිච්චෙයි අනංගයා සමඟින් නුබ ලගදිම අප හැර යයි මගේ පැතුම පන ඇති තුරු දරුවන් රැක ගැන්මයි
Singers
Data
Last updated May 2026