මල් සිහිනයේ
Mal Sihinaye
Music: උදාර ප්‍රනාන්දු Lyrics: ගායත්‍රී නිසංසලා
Font size:
සිහිනයේ මල් සිහිනයේ ඔය දෑස කී ඒ සිහිනයේ ආදරේ මං ආදරේ සිත ඔබටමයි හරි ආදරේ...// සසරේ මතක ඔය නෙත් දෙකේ කියැවුණා මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියැවුණා දෑතේ වෙලී නෙතු හීන කවි කන්දරා ජීවිතේ ආදරෙන් සැරසුණා... ආදරේ.../// සිත ඔබටමයි හරි ආදරේ... සිහිනයේ මල් සිහිනයේ... දෑසින් ගෙනා ඒ මල් හිනාදෑසින් කියූ ඒ ගී කතා (සිත් වල නෙත් වල ගී වල ලියැවුණු ඒ පෙම් කතා සෙනෙහේ මතකේ සැමදා ගැයෙනා ඒ ගී කතා...//) සසරේ මතක... සිහිනෙන් ඇවිත් ඔයා ළං වෙලා සිහිනේ වෙලී මං නුඹේ වෙලා (සිහිනේ සෙනෙහේ ගීයේ ගැයු ඒ නුඹේ නම නිසා සැමදා ළං වී ඉන්නම් මෙලෙසේ මං නුඹේ වෙලා...//) සසරේ මතක...