ආ මග කෙටියි යා යුතු මග දුරයි
A Maga Ketiy Ya Yuthu Maga Duray
Music: රෝහණ වීරසිංහ Lyrics: කුලරත්න අරියවංස
Font size:
(ආ මග කෙටියි යා යුතු මග දුරයි නිරතුරු නුවනැසින් තරණය කල යුතුයි මේ ඇරඹුමයි මාවත බෝ දුරයි නුවණින් අවදියෙන් යා යුතු බව දනිම්)...// (මේ මග තැනිතලා සේම සෙල් තලා හමුවේවී)...// සිත සවි නොබිද එමග ගෙවා දිරි වඩා ජය ඉම දකිමි අදිටනින් ආ මග කෙටියි යා යුතු මග දුරයි නිරතුරු නුවනැසින් තරණය කල යුතුයි මේ ඇරඹුමයි මාවත බෝ දුරයි නුවණින් අවදියෙන් යා යුතු බව දනිම් (සාවූන් මුවැත්තියන් සේම වග වළසුන් හමුවේවී)...// නුවණැස නොහැර කලණ මිතු සිත හඳුනා තරණය කරමි මග සොඳින් ආ මග කෙටියි යා යුතු මග දුරයි නිරතුරු නුවනැසින් තරණය කල යුතුයි මේ ඇරඹුමයි මාවත බෝ දුරයි නුවණින් අවදියෙන් යා යුතු බව දනිම් නිරතුරු නුවනැසින් තරණය කල යුතුයි නුවණින් අවදියෙන් යා යුතු බව දනිම් නිරතුරු නුවනැසින් තරණය කල යුතුයි
Data
Last updated May 2026