Font size:
ඔබ පෙම් කරනා ඔබේ කුමාරි ඔබට ආදරේ කියනා අයුරින් පෙර දවසක මා පෙම් කරනා සඳ මටද ආදරේ කියා තිබේ සාගර වෙරලේ සොඳුරු සැදෑවක රඟහල කෙලවර අදුරු නිමේශෙක අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය පෙර දවසක මා තුරුළට වී හිඳ මටද ආදරේ කියා තිබේ සක්මන් මළුවන දෙපා ගෙවෙද්දී දොඩමළු පෙම්බස් ගොලුවී යද්දී මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඇය සනහස සඟවා දෙනෙත නුරාවෙන් මටද ආදරේ කියා තිබේ
Singers
Data
Last updated May 2026