Home/Songs/මට දුක හිතෙනවා

මට දුක හිතෙනවා

Mata Duka Hithenawa

Font size:
මට දුක හිතෙනවා හැමවිට දැන් ඔබ ළඟ නැති හින්දා
මුළු රෑ නින්දක් නෑ මට දැන් ඔය ඇස් සිහිවෙනවා
හඩන තරම් දැවෙන තරම් ඔබ හින්දා මං ජීවිතේ
වෙන කවුරුත් නැහැනේ මං තරම් ආදරේ

මගේ සෙනෙහෙ ඔයා හැරදා ගියත් වෙන්වෙලා
වැටෙන කඳුළක් ඇසේ හංගන් හිඳමි ඔබ එනතුරා
හදේ සුසුමන් පවා ඔයා පතනවා සදා
ලොවේ සිටිනා තුරා මගේ පන ටික ඔයා

ඔබම පතලා සසරේ දිවියේ තනිය මට ලංවෙලා
කවුද දන්නේ මගේ ශෝකේ ලයට දුක හුරු වෙලා
රැයේ සිහිනේ පවා හඩයි මා තනිවෙලා
ලොවේ සිටිනා තුරා මගේ පන  ටික ඔයා

මට දුක හිතෙනවා ...........
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.