Home/Songs/ගිම්හානේ හද

ගිම්හානේ හද

Gimhane Hada

Font size:
චිත්‍රපටය : සුදු පරවියෝ (1977)

(ගිම්හානේ හද නිවුනා මදුර වසන්තය මැවුනා)...// 
පාවෙන නිල් කඳු රැල්ලේ මීදුම් සළු ඇතිරිල්ලේ
දෑතින් දෑතම එතුනා
ගිම්හානේ හද නිවුනා මදුර වසන්තය මැවුනා

සුදු සඳ වියනේ චන්දන අරනේ තාරකා මල් තුරුලේ
ලා හිරු කිරනේ දේදුණු සෙවනේ හිත් යාවෙන මංගල්ලේ
ජීවන තොටුපල සොයා ඇදෙනතුරු ආදරයේ රන් නෞකා
ඈතට ඉඟිලෙන සුදු පරවියෙනේ ආසිරි ගීතය ගයනා

ගිම්හානේ හද නිවුනා මදුර වසන්තය මැවුනා
ගිම්හානේ හද නිවුනා මදුර වසන්තය මැවුනා

පෙර අත් භවයක බලාපොරොත්තුව මේ භවයේ හමුවූවා
නෙතුසර අංජන තොල්පෙති රංගන හෙට දවසක් ගැන සිතුනා
පුබුදු හිනාවට කැකුළු කතාවට අශාවේ මල පිපුනා
ගඟුලෙ දිය රැලි පවනෙ සැනකෙලී ආදරයට සුභපැතුවා

(ගිම්හානේ හද නිවුනා මදුර වසන්තය මැවුනා)...// 
පාවෙන නිල් කඳු රැල්ලේ මීදුම් සළු ඇතිරිල්ලේ
දෑතින් දෑතම එතුනා
ගිම්හානේ හද නිවුනා මදුර වසන්තය මැවුනා
ගිම්හානේ හද නිවුනා මදුර වසන්තය මැවුනා
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.