Font size:
සිනාවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා // සිතේ ඇති දේ // කවුද දන්නේ කියන්නට විමසා එකට එක් වී එකට නා බී // එකට සැතපීලා // උගුල අටවයි විපත පටලයි මුරුග ගති පාලා // ලෝකයේ // මර විසක් නැත වෙන මිනිස් විස වාගේ සිනාවෙන් හෝ ....... තියෙන ඇත්තා නැති තැනැත්තා // තඹයකට නොතකා // ඔහුගේ නැතිකම් දුබල බැරිකම් පෙනි පෙනිම මිරිකා // සැප විදී රෑ රෑ පණ ගියත් පෑගී අනිත් මිනිසාගේ සිනාවෙන් හෝ .... යුක්ති ධර්මේ ජය ගනීවී // දිලෙන ලෙස දිනිදා // නැත්ත නැතිවේ ඇත්ත හෙළි වේ යම් දිනෙක මතු දා // ඔහු එදා // පිහිටවත් නොලැබේ ඔහුගේ සෙවනැල්ලේ
Singers
Data
Last updated May 2026