Home/Songs/සිහින දනව්වක මා

සිහින දනව්වක මා

Sihina Danawwaka Ma

Lyrics: නිශානි ප්‍රනාන්දු
Font size:
සිහින දනව්වක මා තනිකර ගිය
ඔබගෙන් මා මෙය විමසන්නේ
අන් කිසිවකු නෑ පිළිතුරු දිය හැකි
(ඔබ පමණයි සරණට ඉන්නේ...//)

මලක් විසින් මිලිනව මා සෙනෙහස
හීන් කෙඳිරි හඩ නංවන්නේ
වෙනතක් පැතු ඔබ හිරු සඳු අභියස
(සිනහ මුවරදින් සැරසෙන්නේ...//)

සිහින දනව්වක...

මින් පෙර දවසක පැරදී නැත මා
එකම ඉසව්වක ජීවිතයේ
ඔබ වැනි අයෙකුට පෙම් කළ වරදට
(දඬුවම අද මා විඳවන්නේ...//)

සිහින දනව්වක...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.