ගල් අරණේ හැංඟෙන්නා
Gal Arane Hangenna
Music: H M ජයවර්ධන Lyrics: කුලරත්න අරියවංස
Font size:
ගල් අරණේ හැංඟෙන්නා උන් රහසේ ළඟ එන්නා මා පුතු අල්ලන් යන්නයි නෑ එන්නට දෙන්නේ මා පුතු ළඟ ඉන්නේ නාඬා නිදියන්නේ...// සඳුන් වනේ මල් නෙලනා සුරංගනාවෝ සුවඳ හොවා ඇල් පවනේ පුතුට ගෙනාවෝ// ගල් අරණේ... සිඟිති නෙතේ කැකුලු මුවේ මැවෙන සිනාවේ සසල ලොවේ නිමල සුවේ සිතට උදා වේ// ගල් අරණේ...//