Home/Songs/දැවී තැවුණු සිත් නිවී පහන් වන

දැවී තැවුණු සිත් නිවී පහන් වන

Dawi Thawunu Sith Niwi Pahan

Font size:
දැවී තැවුණු සිත් නිවී පහන් වන
දිනක් උදා වූවා
කලක් සිතේ පිළි සිඳුණු දොළක් ගැන
මතක අළුත් වූවා
සඳක් නැගී තල් වැට ඉහළින් වෙඩි
හඬක් ඇසෙන් නැතිවා
මළත් කමක් නෑ මලක් අරන් මම
නාගදීපේ ආවා......

නාගදීපයට ඉහළ අහස් කුස රන්වන් පැහැය ගනී 
එදා දෙසූ දම් එදා වගේමයි තමත් සුවඳ දැනේ......

දැවී තැවුණු සිත්.........

පරවි තටුවකින් සිසිල් පැන් දොවා
සුදු මල් ගෙන ආවා
අනේ හිමියනේ සාධු නාද මිස
වෙඩි හඬ නොඇසේවා.....

දැවී තැවුණු සිත්.........

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.