රෑ හඳේ හේනකින්
Ra Hande Henakin
Music: ප්‍රේමසිරි කේමදාස Lyrics: ආචාර්ය අජන්තා රණසිංහ
Font size:
රෑ...රෑ හඳේ හේනකින් (සී පද ඇහුණයි...//) හී... හීනෙකින් ඒ හඬට (මගෙ හිත බැඳුණයි...//) රෑන බඹරු වටකරගත් වැටකේ මල වැන්නේ නුඹෙ රූ වරුණා සී පද මට කියන්න හිත දෙන්නේ මී... මීරකින් කීවොතින් (ගී කවි සින්දු...//) ආ... ආදරෙයි කෝල පෙම් (රූබර ළන්ඳු...//) හව්හරණෙට පැල ඉණි වැට විතරයි කල එළියේ මා කාන්සියේ රෑ වරුවම හිරිමල් හුරතලියේ පා... පාළුවේ රෑ දවල් (කිමද තැවෙන්නේ...//) ගං... ගං ගොඩින් කවුරු හෝ (කැන්දන් එන්නේ...//) නපුරු බහට සොබා රුසිරු අඩුවක් නොම වන්නා රෑ බැත පාගන කමතෙදි කවි කියමුද අපි දෙන්නා රෑ...රෑ හඳේ හේනකින් (සී පද ඇහුණයි...//) හී... හීනෙකින් ඒ හඬට (මගෙ හිත බැඳුණයි...//)