Font size:
නුරා අග්නි රැහැනින් වෙලලූ අඩනිද්‍රා කඩතිර බිඳලූ ක්ෂීර සප්ත කළ ආලිංගන අග ප්‍රේමිත රාගිත වර්ණත ශ්වේත... යුගල පියාපත් හසුන් රඟන රණ පොකුණු දියට බසිමි පේවී කලත කලත රස දෙතොල මතද මන සුසුම් අතර තෙරපෙයි දේවී ශ්වේත ප්‍රේම වර්ණත පිරියම් කළ මීන නේත්‍ර හීයකි රාගී... කිමිද ඉපිල යලි කිමිද ඉපිල රළු ඇඟිලි බඳෙහි යුධයකි ප්‍රේමී මා හැඟුම් හලන ඈ රැඟුම් මතට හද රුහිරු රක්ත ගිනියම් දේවී ශ්වේත ප්‍රේම වර්ණත පිරියම් කළ මීන නේත්‍ර හීයකි රාගී...