Home/Songs/ඕවත් වැඩද

ඕවත් වැඩද

Owath Wadada

Font size:
අහගන්න පිළිගන්න බොරු නොකියමි ඔහෙලට 
ලෝකේ පුරා සැරිසරලා ගිය ගිය තැන කප් ගහලා 
ආවෙමි මම සිය රට බලලා 
මගේ තියෙන වටිනාකම ඒ උදවිය දැනගත්තම 
වැඳ වැඳ කීවා නවතින්න 

ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද
රජ වැඩකිඩ දෙන්නට ඔබ රජ කකුලක්ද
හිතලා මතලා හොයලා බලලා 
කෝපි කාලෙ මෝඩ තාලේ 
කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕවා කියාපන් 

මුළු ලොව බය කල මහා ත්‍රස්තවාදියා 
Bin Ladin අල්ලගන්න George Bushට බැහැලු ඔන්න 
මට කියනවා අල්ලලා දෙන්න 
ජාත්‍යන්තර ප්‍රශ්න වලට හොට දාන්නේ නෑනේ මම 
ඒක නිසා මං බෑ කිව්වා  

ඕවත් වැඩද මල්ලි...

Hollywood පුරයේ නිළි රැජින හමුවෙලා 
ඇමරිකාවේ සුනිල් ඉන්න ඉඳලා මාව මැරි කරන්න 
කිය කිය වද කෙරුවා ජූලියා 
අපේ ගෙදර නෝනා දැන ගත්තොත් ජූලි හතයි මළ කෙලියයි
ඒක නිසා මං බෑ කිව්වා

ඕවත් වැඩද මල්ලි...

ලෝකෙම ජනප්‍රිය ගායිකාව මැඩෝනා 
මාත් එක්ක යුග ගීයක් කියන්න ඕනෙමයි කියලා 
දවස් ගනන් පස්සෙන් ආවා 
අනේ ලංකාවේ ගායිකාවෝ තරහ වේවි එහෙම කලොත් 
ඒක නිසා මං බෑ කිව්වා

ඕවත් වැඩද මල්ලි...

ක්‍රිකට් ලොවේ කුසලානේ ලංකාවට ගේන්න 
වොට්මෝර්උත් එක්ක බෑනේ සුනිල් අයියා එන්න ඕනේ 
සනා බෝයි අඬ අඬ කිව්වා 
අයියෝ කෝච් කරන එක සිම්පල් 
බෝඩ් එකේ ඇතුලෙ කචල්
ඒක නිසා මං බෑ කිව්වා

ඕවත් වැඩද මල්ලි...
(කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕවා කියාපන්)..//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.