රෑට මං සිහිනෙන්
Rata Man Sihinen
Music: රොමේෂ් සුගතපාල Lyrics: නන්දන වික්‍රමගේ
Font size:
රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම් ආදරේ දෝතින් ගෙනවිත් ඔබහට පුදන්නම් නින්දේම සැමදා ඉන්නම් ඔබ ලග හිඳීනම් පාට ගෑ හීනයේ දෙතොල් මං සිඹින්නම් රෑට මං සිහිනෙන් ඇවිදන් රහසක් කියන්නම් ආදරේ දෝතින් ගෙනවිත් ඔබහට පුදන්නම් මේ ප්‍රේම පාරේ පියමැන්නා අපි දෙන්නා සිහිනේ සදා දී ඔය තුරුලේ මං උන්නා රෑ මල් නෙළාලා වරලේ ගසාලා නිල් අහසේ ඔබ එක්ක පියඹා ගියා මං රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම් ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම් පිනිබාන යාමේ මල් යායේ රොන් ගන්නා බඹරා ඔයානම් මල වාගේ මම ඉන්නම් මේ පෙම් කතාවේ බඹරිදු තමා මං මේ යායේ පෙම් කුසුම සැමදා මගේ නම් රෑට මං සිහිනෙන් ..../ රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම් ආදරේ දෝතින් ගෙනවිත් ඔබහට පුදන්නම්