Font size:
රන් තරු පායන අහස බලාගෙන - ඇයි ඔබ තව හිනැහෙන්නේ මගෙ හද දිනු ආදරය සොරාගෙන - වෙනකෙකු නොවැ අද එන්නේ මිහිර සොයාගෙන මගෙ ජීවය ගැන - කඳුලැලි හා ලතවන්නේ සමාවෙයන් සොඳුරියෙ තවමත් මා - අතමයි වරද තියෙන්නේ කුඩා රුවල මැද තනිව සයුර මැද ඈත අතීතය දෙස බැලු ඈ කොහේ සිටන් කොයිබට මා යාවිද මටනම් නැහැ වැටහෙන්නේ රන් තරු පායන.../ පලා දෙපලුකර හදවත දේ නම් කාට එකතු කල හැක්කේ බලාගන්න සෙනෙහස තව ඔබටයි මා හද තුල හැමවේලේ... රන් තරු පායන...//