නෙක උයන් වතු මැදින්
Neka Uyan Wathu Madin
Music: රෝහණ වීරසිංහ Lyrics: කපිල කුමාර කාලිංග
Font size:
ගැ:-නෙක උයන් වතු මැදින් හමා යයි නව මන්ද මාරුතේ පි:- සොඳුර මේ අප පැතුම් සුපිපෙනා හිත මිතුරු වූ වසත් කාලයයි ගැ:- සිතු අගින් මතුව ආ සුසුම් රැල් කොඳ මලක් මත වැටී බොඳව යයි සිහිනයක් අවදි වී පිය නගයි අඩ අඳුරු සීත කඳු මාවතේ පි:- නොම තැවෙන් රාත්‍රිය දිගු විණැයි හෙට දවස මී විතක් සේ දිසෙයි නිදැල්ලේ ගලා ගිය ජීවිතේ නිම්නයක නතර වී ගිම් නිවයි.
Data
Last updated May 2026