Font size:
සොඳුරු ලොවට මල් වැහැලා තව්තිසාවෙ හද මැවිලා හැඟුම් පහන් තාරකා පෙමට පායලා // රෝස මලට හිත වැටිලා බඹරෙකු සේ මා සොයලා ඈත හිටන් ඈත හිටන් ආවදෝ ඔබ පියඹාලා මා ආදරේ පායන් හදේ මා ආදරේ පායන් හදේ ගුණ සුවඳට මත් වෙනවා හද මල් උයනක් වෙනවා සිත උතුරා සිත උතුරා ගලන පැයේ ඔබ ළං වෙනවා මා ආදරේ පායන් හදේ මා ආදරේ පායන් හදේ සොඳුරු ලොවට මල් වැහැලා තව්තිසාවෙ හද මැවිලා හැඟුම් පහන් තාරකා පෙමට පායලා පෙමට පායලා ///// ගී පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ අපේක්ෂා චිත් රපටියෙන්
Singers
Data
Last updated May 2026