Home/Songs/ගෝර සපුන් ඇහැරෙන ඇඳිරියේ (මෝහිනී)

ගෝර සපුන් ඇහැරෙන ඇඳිරියේ (මෝහිනී)

Gora Sapun Aharena Adiriye (Mohini)

Music: දර්ශන රුවන් දිසානායක
Font size:
ගෝර සපුන් ඇහැරෙන ඇඳිරියේ
දොළ හඬන තුන්මං හන්දියේ 
කවුරු එනතුරු මග බලනවාද
මෝහිනී මගේ නංගීයේ......
මෝහිනී ආදර නංගීයේ......

උඹේ දරුවා ගන්න කවුරුත්
නොඑන මූසල මණ්ඩියේ
උඹට දරුවෙක් දෙන්න 
ඕනෑ තරම් අය ඇති නංගීයේ....
උඹට දරුවෙක් දෙන්න 
ඕනෑ තරම් අය ඇති හංදියේ....

සුරඟනට අමතකව දරුවන්
හඬද්දි කුණු බක්කියේ
(උඹ යකින්නක් වුණේ
කොහොමද කියාදීපන් නංගීයේ....//)

ගෝර සපුන් ඇහැරෙන......

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.