දම්පියාව නෙත් පියාන
Dampiyawa Neth Piyana
Lyrics: W A අබේසිංහ
Font size:
දම්පියාව නෙත් පියාන බලන් සිටිම්දෝ දිනේය ජන නෙත් අයාන බලා සිටිනුදෝ මෙත් බෝසත් තිදස පුරේ තවමත් නිදිදෝ මහාවීර මහ පොළවේ ජනිත නොවනුදෝ අබුද්දස්ස යුගය ඇවිත් ලබුත් තිත්ත වෙති ගඩොල් බුදුන් යකඩ බුදුන් වෙහෙරේ විහරති දහම් පදය පොත් ගුල් තුළ ඉකිබිඳ වැලපෙති දම්දීපය දම් අමාව බත් වෙනුවට කතී දියසෙන් රජු ආවෙත් නැත එයින් තැවුණි සිත දෙදහස් පන්සිය වසරක් ඉවසන්නද අප පන් දහසක් කල්ගිය තැන දම්දීපය නැත තිදස පුරෙන් බිමට බසිනු මෙත් මහ බෝසත (තිදස පුරෙන් බිමට අවුත් බිහිවනු බෝසතුනේ තව දෙදහස් පන්සියයක් ඉඳිනු බැරිය ඉතිනේ...//)
Singers
Data
Last updated May 2026