Font size:
ඉර හඳටත් රහසේ යමු ඉගිලී අහසේ රන් තාරකා අතර අඳුරේ මතු මතු සංසාරේ යලි උපදින වාරේ මල් කැකුළු වෙමු එකම පොකුරේ (දෙගුරුන් ද දරුවන් ද හද බැන්ද ස්නේහේ සුවඳින් ද පැහැයෙන්ද පෑහේ...//) ඉටු දෙවියෝ පැමිණේවා පිරිපතු නිති වැළකේවා අපගේම මේ පුංචි ලෝකේ නෙත කඳුලැලි වියලේවා මුව හසරැලි නැංවේවා අපගේම මේ පුංචි ලෝකේ ආ... ඉර හඳටත් රහසේ.... කුරුල්ලනේ කිරිල්ලනේ තුරුළ් වෙමින් වස්සාන සීතේ කැදැල්ල මේ ඔබෙයි මගෙයි ගයන්නේ දැන් ගිම්හාන ගීතේ ම්... කුසුම් පිපී සුගන්ධ දී පිපී වැනේ මල්යාය දැහැනේ එපා එපා සිනාවෙනා හැඬුම් සුසුම් සන්තාප සාපේ (කුලගෙයක ගුණ සුවඳ හදින් හද යාවි මනු ලොව ද දෙව් ලොව ද වීතේ...//) ඉටු දෙවියෝ පැමිණේවා.... ඉර හඳටත් රහසේ.... ඉටු දෙවියෝ පැමිණේවා....