Home/Songs/රෙදි වියන්නෝ

රෙදි වියන්නෝ

Peheraanani

Music: සංගීත් වික්‍රමසිංහ Lyrics: විකුම්ප්‍රිය පෙරේරා
Font size:
පෙහෙරානෙනි වියනා මේ හිමිදිරි උදයේ
ඇයිදෝ මනකළු ඇඳුමක් නිමවන්නේ?
නිල්වන් පාටයි පිළිහුඩු තටු වාගේ 
අළුත උපන් පුතුටයි මේ සළුව අගේ

පෙහෙරානෙනි වියනා මේ ගොම්මන් යාමේ
ඇයිදෝ දිලිසෙන ඇඳුමක් නිමවන්නේ?
මොනර පිළක් මෙන් කොළවන් දම් පාටයි
දීගෙක යන රැජිනියකගේ මුව වැසුමයි

පෙහෙරානෙනි ඇයිදෝ නිසලව සංවේගෙන්
කුමක් වියනවද සිසිලේ සඳ එළියෙන්?
පිහාටුසේ සුදු වළාරොදක් වාගේ
මිනියට අන්ඳන්නට සළුවයි මියගිය ඔහුගේ

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.