Font size:
දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරි කෙසේ කියම්දෝ ගාලූ සිරී බලමිදෝ අත් දිග හැට්ටේ අඳගත් ගාලු ළඳුන්නේ දෑත පුරා රන් වළළු කිංකිණි හඬ දේ මුහුදු සුළං විඳිමින් ඉර පැස යන යාමේ ගාලු පවුර මත කුමරියො වැතිර සිටින්නේ පනා කපන්නෝ කළුවර කැටයම් කරුවෝ කලා ශිල්ප දියුණු කරන විස්කම් දරුවෝ රේස් තිරික්කලේ නැගී ගාලු තරුණයෝ පෙර සිංහල විරු දරුවන් බලපෙන්වන්නේ
Singers
Data
Last updated May 2026