Home/Songs/ඔබ නිසා ටෙලි නාට්‍ය තේමා ගීතය

ඔබ නිසා ටෙලි නාට්‍ය තේමා ගීතය

Oba Nisa Tele Drama Theme Song

Music: සුරේෂ් මාලියද්ද Lyrics: මල්කි විජේමාන්න
Font size:
තරු එළියක් වී පාර කියන්නම් 
වරුසාවක් වී... පවස නිවන්නම්
කතරක සිසිලස මම වෙන්නම් 
ජීවත් වෙන්නම් සිතුවිලි සිර කරන් 

ඔබ නිසා... ඔබ නිසා...
ඔබ නිසා... ඔබ නිසා...

කිරිල්ලියක් සේ අත්තටු සලලා 
රෑ දුටු සිහිනේ... ඉගිල ගියේ මා 
අවදිවන්න දැන් කාලය ඇවිදින් 
මා ගැන මතකෙන් මම යන්නම් 

ඔබ නිසා... ඔබ නිසා...

තරු එළියක් වී පාර කියන්නම් 
වරුසාවක් වී... පවස නිවන්නම් 
කතරක සිසිලස මම වෙන්නම් 
ජීවත් වෙන්නම් සිතුවිලි සිර කරන් 

ඔබ නිසා... ඔබ නිසා...
ඔබ නිසා... ඔබ නිසා...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.