යුධ බිමේ අවි ඝටා
Yuda Bime Awi Gata
Music: නවරත්න අත්තනායක Lyrics: ආචාර්ය අජන්තා රණසිංහ
Font size:
යුධ බිමේ අවි ඝටා සියක් සතුරන් නසා මිය ගිය පුතෙකුගේ මල සිරුර අභියස හඬා නොවැටෙන මවකගේ හද ලේ බිඳක් වී දිනෙක උපදීවා... ඒ පුතුන් කිරි පොවා දැඩි කෙරූ මැණීයන් ඒ පුතුන් යුදට යැව් ඒ උතුම් මෑණියන් කෝටියක් මහ යෝධයින් මුළු ජාතියක් උදෙසා වැදූ අම්මා වේ... යුධ බිමේ අවි... ඒ පුතුන් මළ දිනේ නාඬනා මෑණියන් ජාතියෙ නාමයෙන් පුතු පිදූ මෑණියන් කෝටියක් මහ යෝධයින් මුළු ජාතියක් උදෙසා පිදූ අම්මා වේ... යුධ බිමේ අවි...