පියාණනී මා
Piyanani Ma
Music: වික්ටර් රත්නායක Lyrics: සුනිල් ආරියරත්න
Font size:
පියාණනී මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා..// ශිල්ප සතර දී සිහසුන හිඳුවා ඔබට අහිමි ලොව මා රජ කරවා ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ නෑ ඔබ වන් පියවරු හමුවන්නේ පියාණනී මා නැවත උපන්නොත්.. හිත මිතුරන් මා හැර ගිය දවසේ ලොව ම එරෙහි වී තනිවුණු මොහොතේ ඔබේ පැලේ නැත දොරගුළුලන්නේ ඔබේ සෙනේ ගඟ නැත වියැලෙන්නේ පියාණනී මා නැවත උපන්නොත්..
Singers
Data
Last updated May 2026