Home/Songs/ආශාවේ ආශාවේ පායා

ආශාවේ ආශාවේ පායා

Ashawe Ashawe Paaya

Font size:
චිත්‍රපටය: ඔබටයි ප්‍රියේ ආදරේ (1987)

හෝ.... හෝ....හෝ.... හෝ....හෝ....
ආසාවේ ආසාවේ පායා
රෑ සිහින මායාවේ සේයා 
දෑසේ සිනා හද සීතල මේ සිත 
මී පැණි දේ මට තව ලංවෙලා 
මේ යාමේ...... හෝ....හෝ.... හෝ....

හෝ....හෝ.... හෝ....හෝ....හෝ.... හෝ....
ආශාවේ ආශාවේ පායා 
පා වේවී පා වේවී සේයා
ප්‍රේමේ අමා රස වෑහෙන මීවිත 
මා දෙතොලේ ඇත තව ලං වෙලා                  
මේ යාමේ...... හෝ....හෝ.... හෝ....
හෝ....හෝ.... හෝ....
හෝ....හෝ.... හෝ....

මා ඔබ හා අද යාලු වෙලා
ඒ සතුටේ සිත මෝදු වෙලා 
මා සනසාලා මා සතපාලා 
වෑහීලා අද ආරාධනා 

සීගිරියේ බිතු රූ විලසේ 
මා මිතුරේ අපි යාලු වෙලා
ජීවිතයේදී මේ භවයේ දී 
පෑහීලා අපි ප්‍රේමේ රසේ 

සඳ පාන ලෙස දැනේ 
හිරු තාප මිහිතලේ    
ඇති දාට හිතට ආදර සරණා 
හෝ....හෝ.... හෝ....
හෝ....හෝ.... හෝ....
   
හෝ....හෝ.... හෝ....හෝ....හෝ.... හෝ....
ආශාවේ ආශාවේ පායා 
පා වේවී පා වේවී සේයා                  
ප්‍රේමේ අමා රස වෑහෙන මීවිත 
මා දෙතොලේ ඇත තව ලං වෙලා  
මේ යාමේ...... හෝ....හෝ.... හෝ....
හෝ....හෝ.... හෝ....
හෝ....හෝ.... හෝ....

ජීවිතයේ රස හා දැනුනේ 
ආදරයේ මුව ගෑ කොතැනේ 
සාගරයේ දී යාවෙමු පෑහී
ආසාවේ අපි ආදරයේ 

ලෝකය මේ සැදුනේ තැනුනේ 
ප්‍රේම දයා සෙනෙහේ මතිනේ
යාලුවනේ මේ මා හද යාවූ 
ආසාවේ මන ආදරයේ   

ඇති දාට පෙම්ලොවේ 
කුලභේද ලෝකයේ 
හිටු වුවේ කොහෙද නෑ කිසි සරනා  

හෝ.... හෝ....හෝ.... හෝ....හෝ....
ආසාවේ ආසාවේ පායා
රෑ සිහින මායාවේ සේයා 
දෑසේ සිනා හද සීතල මේ සිත 
මී පැණි දේ මට තව ලංවෙලා 
මේ යාමේ...... හෝ....හෝ.... හෝ....

හෝ....හෝ.... හෝ....හෝ....හෝ.... හෝ....
ආශාවේ ආශාවේ පායා 
පා වේවී පා වේවී සේයා                  
ප්‍රේමේ අමා රස වෑහෙන මීවිත 
මා දෙතොලේ ඇත තව ලං වෙලා 
මේ යාමේ...... හෝ....හෝ.... හෝ....
හෝ....හෝ.... හෝ....
හෝ....හෝ.... හෝ....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.