Home/Songs/රිදෙන නොරිද්දෙන

රිදෙන නොරිද්දෙන

Ridena Noriddena

Music: සංඛ දිනෙත් Lyrics: උපුල් ශාන්ත සන්නස්ගල
Font size:
රිදෙන නොරිද්දෙන කම්මුල් අවුස්සලා
කියඹුලතා ඇයි මාව කොනිත්තලා
ආදර සැලසුම් සිහින නෙවෙයි කිසිදා
මැවෙන්නේ දෙව්ලිය පපුවෙ හුස්ම තියා
මා ඇවිලිලා.. ඈ නිවෙනවා..
ඈ ඇවිලිලා.. මා නිවෙනවා..

උණුසුම් දෙතොලේ හැඟුමන් කිති කවලා
සඳ නැති රෑ තරු සියො ළඟ කතා කළා
අත අතනෑරම නොනිදා පහන් කළා
නිදි නැති  නදියක උණුහුම ඉපැද්දුණා
මා ඇවිලිලා.. ඈ නිවෙනවා..
ඈ ඇවිලිලා.. මා නිවෙනවා..

උරහිසේ හිස තියන් ආදරේ කියනවා
වේදනා ඇස් දෙකේ ඇවිලිලා
මා නිවෙනවා ඈ නිවෙනවා
ඈ නිවෙනවා මා නිවෙනවා......

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.