සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
Sina Thotak Wiya
Font size:
සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්.. මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්.. නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්.. දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...// බොසත් ඔබසිත ලඟ උවැසිය වී දැහැනට වී.. සිටියා මිස නොදනිමි කොහිසිටියාදැයි මලවී.. පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී.. නොපිදූ මල තවමත් ඔබ ගැන බැති බරවී... මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි.. ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි.. මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි.. එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි..
Singers
Data
Last updated May 2026