Home/Songs/සඳ මඬලේ සිට

සඳ මඬලේ සිට

Sanda Madale Sita

Music: ෂෙල්ටන් ප්‍රේමරත්න Lyrics: සමන් චන්ද්‍රනාත් වීරසිංහ
Font size:
සඳ මඬලේ සිට තරු මඬලේ සිට 
දිවැස් හෙළන පුතුනේ 
බලාගන්න පුත බලාගන්න පුත 
ලස්සන ලක් දෙරණේ...

පුරන් කුඹුරු වපුරන්නේ පුතුනේ 
හෙට උපදින පුතුටයි 
කම්හල් නව නිපැයුම් නිමවන්නේ 
ඒ සුරතල් පුතුටයි...

සාර කෙතේ අස්වනු පීදෙන්නේ 
පුතුනි ඔබේ නමටයි 
නුඹේ පියාගේ දෑත රත්තරන් 
පුතු ලද දෙවි පිහිටයි...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.