Home/Songs/හිස් අත්

හිස් අත්

His Ath

Music: යුකී නවරත්න Lyrics: සමිත් ගෝමස්
Font size:
වචන මදිද බලවත් භගවත්, මිනිසා තියා සංවේදී නෑ උන්ගේ කනවත් 
හදවත් ගිණි බත් කර විස පිටපත් කර අද මං කන ගමන්ම සිරබත් 
යාවී ඈත සිත පාවී, කල කී දෑ මන කෙලසාවී
කණපිට ගැසුණු ජීවිත විඳව වියලි පස් මත කදුළු ගලමින් යාවී
කෙස් පැහි එකලස් කර සේසත් යනවා අද පිස්සත් ගමනක් 
සිඳී හුස්ම වැටෙන උල්පත් ඇත්තේ සටනට හිස් අත් පමණක් හිස් අත් පමණක් 
ඔබේ පුතු මා නම් රිදී අසිපතෙන් ගෙල සිඳුනා නම් 
බලන් හිඳ ලය පැලුනා නම් එන්න මා සමගින් සැම අතර දා යං 
පුද දිවි ගෙවා පව ගයා බුදු ගුණ පිරිසිදු මිනිසෙකු ලෙසින් ඔබේ කුස තුල 
විකසිත වෙමින් නැවත ඉපිද හෙමින් පැවත කරන්න තරණ මේ අමිහිරි ගිරි කුල 
හෝ දෙන්න යන්න පස්සට ගෙවා දැමු කාලය හරහා ආපස්සට 
ගෙන අත්පොත් දිවිමග ඉරා මුල්පිට ණය නැති කරන්නට කා දැමු බත් පත 
ගෙල සිර කර මැරු උන් ලය විනිවිද පිහි තුඩ බැස ගිය උන් 
දකින සිහිනයෙන් නැගිටවන්, සුදු රෙදි කඩ අකුළුවන් සමරන් ජය සමග උන් 
ඇති ඉල්ලීම් නොලැබෙන යථාර්ථයේ සුව විඳ අවිචියේ ගිනි දැල් මත මොහොතකින් පැලවෙන 
මිහි පිට පල් වුන ජීවිතේ සීමිතයි මෙහි, එහි ඇත කල්පයක් කල් දෙන

මේ කාලකන්ණි රෝගේ 
එපා බලන්න බෝ වේ 
ගියා නම් මං ඉස්කෝලේ 
ගන්නේ ගිණි අවි නෙවෙයි මං සෙන්කොලේ 
දුන්නේ ගිණි ගත්තේ බිලි හෙව්වේ සල්ලි මං 
හෙව්වේ සල්ලි මං හෙව්වේ සල්ලි මං 
උස්සන් මිණි යද්දී අල්ලන් දැන් උසාවි මං 
දැන් උසාවි මං දැන් උසාවි මං

නැත ගැනීමට නවගුණ වැල් , මන කැළඹී මරණේ අබියස 
හිස් අත් වෙව්ලවන් , බැස්සත් දෙව්ලොවින් කෙනෙක් සෙත් පතා එන්නේ නෑ කව්රුත් මගේ තනියට 
උදැසන සිට පේවී, සැරසුණේ පතා ඉරණම විසදේවි 
ජලය වී තිබු රුධිරය නැවතත් මහා පොලොමත් ගලන් යාවි ලේ වී 
ගැහෙන හදවතත් නවතීවි තව මොහොතකින් පණ මග බලා ඇඟිලි ගනිමින් 
ඇඳිරි වැටෙමින් නැතිඋන මිනිසත් කමින්, කල පව් කෙලවර විද මරණින් 
කළුවට වැහි කළුවට වැහි කළුවට අසු වුන, අද ගසාගෙන මාව ගැඹුරට 
තෙමිගෙන යාවි පාවී අහසේ සළු පට සොයා කිසිවෙක් වග කියන්නේ නැති මගේ මරණෙට 
මෙළොවට හිඳිවී දුරින්, වැසේවි දුමෙන් මං , චුති සිත කෙමෙන් ළගාවේ හෙමින් 
ඒ දවස් ගෙවූ කළු මතකයෙන් චිතකය දැවී නිදහස් වී යයි සිරුරෙන් මිදී 
ගැලවෙයි ද මං ඉන් මිදී තිබුනට පුරා රන් රිදී 
අවසානේ ලං වේදී නැත පලක් කිසිවක් සුරැකුව මෙතුවක් කල් අහක බලා යයි නිදි 
නිකමට මට ලියවෙන ලියමන, පියවෙන ඇස බිය වන
දනන් වෙත කියවන අදහස සරලව නැත සමා වෙර සිතකට දළුලමින් ලියලන 
ඉතිරිවී ඇති මරණය විඳ අවිචියේ ගිනි දැල් මත මොහොතකින් පැලවෙන 
මිහි පිට පල් උන ජීවිතේ සීමිතයි මෙහි, එහි ඇත කල්පයක් කල් දෙන

මේ කාලකන්ණි රෝගේ...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.