Home/Songs/ගුඩ් නයිට් ගීතය - සරිගම චිත්‍රපටය

ගුඩ් නයිට් ගීතය - සරිගම චිත්‍රපටය

Good Night Song - Sarigama Movie

Music: රෝහණ වීරසිංහ Lyrics: සෝමරත්න දිසානායක
Font size:
දවස පුරා වෙහෙස වෙලා හිරු දෙවියෝ මුහුදු ගිහින්
කුරුළු පැටව් නිහඬ වෙලා සමනලයින් ඇඳට ගිහින්
දවස හරි දිගයි හිසට බර වැඩියි ඇසට නිදිමතයි
අපට යන්න අවසරයි.......

හිරුටත් කලිනුයි අපි නැගිටින්නේ 
හිරු සමඟයි අපි දවස ගෙවන්නේ
රෑ වෙනකොට හිරු දෙවි නිදියන්නේ
අපි විතරක් ඇයි අවදිව ඉන්නේ
Good Night… Good Night…

ඔන්න බබෝ ඇතින්නියා නැළවිලි ගී අපට නැතේ
අම්මත් නෑ නැන්දත් නෑ කව්රුත් නෑ
අපි තනියෙන් නිදියනවා.....
Good Night… Good Night…

මට නම් නිදිමත නැතේ බොනික්කා නිදිමතේ
එයාව නිදි කෙරුමට ඇඳට යන්න වෙයි මට
Good Night… Good Night…

කන බොන නෙක නෙක දේට
ලොකු ලොකු වාද විවාද
ලොකු අයටයි ප්‍රිය සාද අපට නැතේ
සුවඳ හමන රස කෑම පිටරට සිට එන බීම
ලොකු අයටයි හැමදාම අපට නැතේ
අපට නැතේ.....
Good Night… Good Night…

දිව්‍ය ලෝකේ කුමාරයෙක් මාව බලන්නට එනවා
ඔහු ජනේලයෙන් ඇතුළු වෙලා මාව බලන්නට එනවා
ඔහු දැකගන්නට හීන බලන්නට මම යනවා......
දිව්‍ය ලෝකේ කුමාරයෙක්.....
දිව්‍ය ලෝකේ කුමාරියක්..... මාව බලන්නට එනවා
Good Night… Good Night…

නැන්දලා සහ මාමාලා සියළු දෙනා එක්වෙලා
කන්න බොන්න සතුටින් ඉන්න
ගයන්න වයන්න නටන්න 
තල නම් තෙලට වේලේ
Good Night… Good Night…

අක්කලා අයියලා ඔක්කොම දාලා 
ගිහින් මම තනියම
දොයියමතයි මට හොඳම
මම දොයියගන්නවා මෙතනම
(Good Night… Good Night…///)

Singers

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.