Home/Songs/සකල සතම බොදු බැතියෙන්

සකල සතම බොදු බැතියෙන්

Sakala Sathama Bodu Bathiyen

Lyrics: කරුණාරත්න අබේසේකර
Font size:
සකල සතම බොදු බැතියෙන්
නමදින දුරහැර හැම බේදේ
සුගත තථාගත ලෝක සිවංකර
සම්බුදු සිරිපාදේ.....
සිරිපාදේ සිරිපාදේ හා.. හා..සිරිපාදේ­......

සහන් සුවය බර සිතුවිලි පිබිදෙයි
සුවදෙයි අරණෙහි මව්
නිවන් මගට යන පහන් ටැඹක් බදු
බුදු සිරි පතුල නමෝ
කරුණාවයි.... කරුණාවයි
සමන් දෙවිදු කරුණාවයි....
(කරුණාවයි.... කරුණාවයි.... කරුණාවයි...//)
සකල සතම බොදු බැතියෙන්
නමදින දුරහැර හැම බේදේ......

උපන්න දා සිට කල පව් දුරුවෙයි
සිත යහමගට නැමී
නෙතෙන් පලක් නැත දැක වැඳ නොගතොත්
මුණි සිරි පතුල සොමී
කරුණාවයි.... කරුණාවයි
සමන් දෙවිදු කරුණාවයි....
(කරුණාවයි.... කරුණාවයි.... කරුණාවයි...//)

සකල සතම.......

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.