Home/Songs/ආදරයේ සමන් වැලේ

ආදරයේ සමන් වැලේ

Adaraye Saman Wele

Font size:
ආදරයේ සමන් වැලේ අගේට මල් පිපුණා
ආදරේට ආදරයක් නැති සේ පොඩි කෙරුණා
ආදරයේ සමන් වැලේ

පපුවේ තියෙන දුක පපුවේ තියා ඉන්න බැහැනේ
හිතට හිතක තියෙන අගය තවම දන්නෙ නැහැනේ //
ආදරයේ සමන් වැලේ

කලක පටන් හැදි පිලිරුව අතරමගදි බිඳුණේ
මෙහෙම දුකක් දෙන්නට දුක නැද්ද ඔබට සිතුනේ //
ආදරයේ සමන් වැලේ

රෝස මලේ හැඩ බලද්දි නටුවේ කටු ඇණුනා
වේදනාව දිදී සිතට ආදරේට රිදුණා //

ආදරයේ සමන් වැලේ .............

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.