හිරිමල් සීතල වැස්සේ
Hirimal Seethala Wasse
Music: රකිත වෙලන්ගොඩ Lyrics: රකිත වෙලන්ගොඩ
Font size:
හිරිමල් සීතල වැස්සේ තෙමුණාලු අපි රෑ තිස්සේ වෙලීලාම ඉන්නම් පහසේ උණුහුමේ ළං වෙලා මට පේන ඔය හිත් මානේ මතකේ එන සිනහව වාගේ හැමදාම ඉන්නම් සසරේ මගේ මේ දිවිතුරා..... සඳේ සිසිල මට දී මගේ සිතුවිලි එළි කළා ඔබේ දැක්ම අරගෙන මා මුළු ජීවිතේම දිනුවා හිතේ තිබුණු දුක් සංකා දුක් කරදර හැරදමා ඔබේ ආදරෙන් මා හට අළුත් ලොවක් මැවුණා...... හිරිමල් සීතල...... ඔබේ නුවන් තුළ මගේ මුළු ජීවිතේ ලියවෙලා හදේ ගැඹුරුම තැනකම මා ඔබව හොවා ගත්තා විදාහල මගේ තටු දැන් හකුලා නොගමි මං සිහින මවපු ජීවිතේ අරන් එන්නෙමි පියඹලා..... හිරිමල් සීතල.....