විසිරුණු මල් පෙති දෝතට ගත් තුනුවී
Wisirunu Mal Pethi Dothata
Font size:
විසිරුණු මල් පෙති දෝතට ගත් තුනුවී ඒ පෙති එක් කර මලක් සොයන බොළඳී සරදම් නොකරමි ආදරයෙන් කියමී විසිරුණු පෙති යළි මලක් නොවෙයි නැගණී...// වෙරළ සොයා රළ පෙළ දිව ආවත් වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ බඳට පියාපත් යුවළක් ලැබුණ ත් අහස දෙකෙලවර නුඹට දකිනු හැකිදෝ විසිරුනු මල්පෙති..... බඹරුන් පසුපස මල් දිව නොගිය ත් අවමන් වින්දේ මල් කුලය ම නොවෙදෝ මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින් නුඹේ සුසුම් ගිනි බොල් අහස ම නොවෙදෝ විසිරුනු මල්පෙති.....//
Singers
Data
Last updated May 2026