කියාගන්න බැරි තරමට ඔබට ආදරෙයි
Kiyaganna Bari Tharamata Obata Adarei
Music: සුනෙත් චතුරංග Lyrics: ඈන් සුරනි
Font size:
කියාගන්න බැරි තරමට ඔබට ආදරෙයි දරාගන්න බෑ තව නම් හිතේ ආදරේ හිතාගන්න බෑ තවමත් ඇයිද නුඹ කෙරේ මේ තරමට හිත බැඳෙන්න තිබුණ කාරණේ මැරි මැරි උපදිනා සිතට හීන ගේන රෑ ඇසිපිය යට මගෙ තනියට කඳුළු තියෙනවා සින්නක්කර ඔය සෙනෙහස හිමි නොවනා දා මේ හුස්මත් අරං යන්න පවු පිරෙනා රෑ වැටෙන හුස්මෙ නුබේ සුවඳ රටා මවන රෑ නුබෙන් උරුම මේ කඳුළට නුඹම හිනැහෙනා හීන ගොඩක් හිත පුරාම මිහිදන් වන දා මේ පපුවට තුරුල් වෙන්න මා මියෙනා රෑ කියාගන්න බැරි තරමට ඔබට ආදරෙයි....
Singers
Data
Last updated May 2026