Font size:
මේ අහස පුරා තාරුකා අරන්
මම ආදරයේ කවිය ලියන්නම්
රතු රෝස හීන මාළිගේ ඉඳන්
ඔබ ලියූ කවියේ මිහිර විඳන්නම්.....

සංසාර ගමන ඔබ හා යන්නම්
ඔබේ සුලැඟිල්ලේ එල්ලී එන්නම්
සුළඟ තරම්වත් නොරිදන්නම්
ඔබ මලක් වගේ මා රැකගන්නම්.....

මේ අහස පුරා.....

නිල් යායේ හමන සුළඟකට දෙන්නම්
පෙම් සුවය ඔබට සුවයක් වේ නම්
කවුළු පියන් හැරගෙන ඉන්නම්
ඔබේ සුවඳ තුරුළු කරන් නිදන්නම්....

මේ අහස පුරා.....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.